ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට

Date:

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම අතර පැවැති තරග 2කින් යුත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.

ඒ, කණ්ඩායම් දෙක අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි.

තරගයේ අවසන් දිනය වූ ඊයේ (31) දිනය මෙරට වේලාවෙන් රාත්‍රී කාලයේ දී නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 249 ක් ලබා සිටියා.

Ben McKinney ලකුණු 74 ක් හා Ross Whitfield ලකුණු 63 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී රවීන් ද සිල්වා ලකුණු 83 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අවසන් දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 8ක් දැවී ලකුණු 480 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 542 ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශෙවෝන් ඩැනියල් ලකුණු 155 රැස් කළා. නායක රවීන් ද සිල්වා ලකුණු 74 ක් ද, විනුජ රන්පුල් ලකුණු 65 ක් ද, පවන් පතිරාජ ලකුණු 55 ක් ද, දුවිදු රණතුංග ලකුණු 54 ක් ද, අභිෂේක් ලියනආරච්චි ලකුණු 49 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Yousef Majid කඩුලු 3 ක් දවා ගත් අතර, Benjamin Cliff හා Bertie Foreman කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඩර්බිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 381 ක් ලබා ගත්තා. මැතිව් හර්ස්ට් ලකුණු 116 ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු හැරී සිං ලකුණු 104 යි. පන්දු යැවීමේදී වනුජ සහන්, දුවිදු රණතුංග, සහන් මිහිර හා රවීන් ද සිල්වා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...