පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්ත යොවුන් පිලට

Date:

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් ඊයේ (28) රාත්‍රියේ නිමා වන විට දිනයේ වැඩි ගෞරව තමන් සතු කර ගැනීමට එංගලන්ත යොවුන් කණ්ඩායම සමත් වුණා.

තරගය පළමු දිනයට නතර කරන විට කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 268 ක්.

ඩර්බිහි පැවැත්වෙන මෙම තරගයේදී එංගලන්තය වෙනුවෙන් මැතිව් හර්ස්ට් ලකුණු 116 ක් රැස් කිරීමට සමත් වූ අතර, ආරම්භක පිතිකරු හැරී සිං නොදැවී ලකුණු 98 යි.

ඉනිමේ පළමු කඩුලු තුනම ලකුණු 60 ක් තුළ බිඳ හෙලීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත්, සිව්වැනි කඩුල්ල සදහා සිං සහ හර්ස්ට් ලකුණු 202 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් එංගලන්ත යොවුන් පිල ස්ථාවර කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී වනුජ සහන් ලකුණු 48 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා. දුවිදු රණතුංග හා සහන් මිහිර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...