රසල්ගේ හා ප්‍රසන්නගේ හයේ වැස්ස නයිට් රයිඩර්ස් කණ්ඩායමට තියුණු ජයක් ගෙනෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී පැවැත්වෙන ‘ද සික්ස්ටි’ (The 6IXTY) හෙවත් පන්දුවාර දහයේ නවතම ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ දී සුපිරි පිතිහරඹයක නිරත වීමට ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ අන්ඩ්‍රි රසල් හා සීක්කුගේ ප්‍රසන්න සමත් වුණා.

ශාන්ත කිට්ස්හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වුණේ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 155 ක් ලබා ගත්තා.

අන්ඩ්‍රි රසල් පන්දු 24 ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 72 ක් රැස් කළේ හයේ පහර 8ක් ද සමගින්. හතරේ පහර 5ක් ද ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු එක් අවස්ථාවක පිට පිට පන්දු 6කදී (පන්දුවාර දෙකක් තුළ) හයේ පහර 6ක් වාර්තා කිරීම කැපී පෙණුනා.

ටිම් සෙයිෆර්ට් හා Tion Webster ලකුණු 22 බැගින් වාර්තා කළා. සීක්කුගේ ප්‍රසන්න පන්දු 5 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 19 ක්. ප්‍රසන්නගේ ඉනිමට හයේ පහර 3ක් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත කිට්ස් කණ්ඩායමට කඩුලු 4 ක් දැවී නියමිත පන්දුවාර 10 තුළ ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 15 කින් ලකුණු 50 ක් වාර්තා කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහරක් ඇතුළත්.

ඒ අනුව මෙම තරගයෙන් නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 3ක තියුණු ජයක් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...