එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා වන සිම්බාබ්වේ එක්දින සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ආබාධයක් හේතුවෙන් නිමා වූ බංග්ලාදේශ හා ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ Blessing Muzarabani මෙම සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පාදයක ආබාධයකට ලක්ව සිටින නිත්‍ය නායක ක්‍රෙයිග් අර්වින්ට මෙම තරගාවලිය ද අහිමි වී ඇති බැවින් රෙජිස් චකබ්වා ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ දී ද කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.
ඔහු එලෙස කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරන්නේ අඛණ්ඩව තෙවැනි එක්දින තරගාවලිය සදහා වීම ද විශේෂත්වයක්.
මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය එළඹෙන 28 වැනිදා Townsville හී දී පැවැත්වීමට නියමිතයි.
ZIMBABWE SQUAD :
Burl Ryan, Chakabva Regis (c), Evans Bradley, Jongwe Luke, Kaia Innocent, Kaitano Takudzwanashe, Madande Clive, Madhevere Wessly, Marumani Tadiwanashe, Munyonga Tony, Muzarabani Blessing, Ngarava Richard, Nyauchi Victor, Raza Sikandar, Williams Sean
Australia squad:
Aaron Finch, Sean Abbott, Ashton Agar, Alex Carey, Cameron Green, Josh Hazlewood, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa.

