චැපල්-හැඩ්ලි කුසලානයට නවසීලන්ත සංචිතය නම් කෙරේ

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත චැපල්-හැඩ්ලි කුසලානය වෙනුවෙන් වන නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය නිත්‍ය නායක කේන් විලියම්සන්ටයි හිමිව ඇත්තේ.

නිමා වූ කොදෙව් තරග සංචාරයේ අවසන් එක්දින තරග දෙක ඔහුට ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

කේන් විලියම්සන් 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 3ක් පමණයි.

ඔහු මුහුණ දුන් ආබාධ මෙන්ම ක්‍රීඩකයින් විවේක ගැන්වීමේ නවසීලන්ත ක්‍රිකට් ආයතන වැඩපිළිවෙල ඊට හේතු වුණා.

නවසීලන්ත ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් වීමට කටයුතු කළ ට්‍රෙන්ට් බෝල්ට් ද මෙම සංචිතයට ඇතුළත්.

මෙතෙක් එක්දින වරම් දිනා නොමැති 24 හැවිරිදි බෙන් සියර්ස් ද නවසීලන්ත එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරග 3 සැප්තැම්බර් 6, 8 හා 11 යන දිනවලදී ඔස්ට්‍රේලියාවේ කෙයාන්ස්හී දී පැවැත්වීමට නියමිතයි.

New Zealand ODI squad:

Kane Williamson (c), Finn Allen, Trent Boult, Michael Bracewell, Devon Conway, Lockie Ferguson, Martin Guptill, Matt Henry, Tom Latham (wk), Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Mitchell Santner, Ben Sears, Tim Southee

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...