රනුදගේ සටන්කාමී ශතකය හේතුවෙන් ශ්‍රී ලංකාවට එංගලන්තයේ දී සුපිරි ජයක්

Date:

එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.

Chelmsford හී දී පැවැති තරගය ජය ගැනීම සදහා තරගයේ අවසන් දිනය වූ ඊයේ(24) දිනයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 273 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එම ඉලක්කය කඩුලු 7ක් දැවී පසු කර ගියා.

ශ්‍රී ලංකා යොවුන් පිලේ 5 වැනි කඩුල්ල ලකුණු 98 දී දැවී ගියත් රනුද සෝමරත්න පන්දු 115 කින් නොදැවී ලකුණු 120 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට අනර්ඝ ජයග්‍රහනයක් හිමි කර දුන්නා.

ලහිරු චේතක ලකුණු 49 ක් ද, වනුජ සහන් නොදැවී ලකුණු 23 ක් ද, නායක රවීන් ද සිල්වා හා අසිත වන්නිනායක ලකුණු 22 බැගින් ද රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. විනුජ රන්පුල් ලකුණු 18යි.

Thomas Aspinwall කඩුලු 4 ක් දවා ගත් අතර, Dominic Kelly කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 387 ක්. George Bell ලකුණු 107 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී දුවිදු රණතුංග ලකුණු 100කට කඩුලු 4ක් දවා ගත්තා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 407 ක් ලබා ගත්තා. අසිත වන්නිනායක ලකුණු 132 ක් හා රනුද සෝමරත්න ලකුණු 65 ක් රැස් කළා.

එංගලන්ත දෙවැනි ඉනිම සියලු දෙනා දැවී සටහන් වුණේ ලකුණු 292 ක් ලෙසයි. Ross Whitfield ලකුණු 110 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී වනුජ සහන් කඩුලු 4 ක් ද දුවිදු රණතුංග කඩුලු 3 ක් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...