අසිතගේ ශතකය දෙවැනි දිනයේ ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙයි

Date:

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (22).

Chelmsford හී දී පැවැත්වෙන තරගය අද දිනයට නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 301 ක් ලබා සිටියා.

අසිත වන්නිනායක පන්දු 307 කින් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 132 ක්. හතරේ පහර 19 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්ව තිබෙනවා.

රනුද සෝමරත්න ලකුණු 65 ක් රැස් කළ අතර, පවන් පතිරාජ ලකුණු 32 යි. ෂෙවෝන් ඩැනියල් ලකුණු 22කටත්, සධීෂ රාජපක්ෂ ලකුණු 11 කටත් දැවී ගියා. රවීන් ද සිල්වා නොදැවී ලකුණු 19 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී Benjamin Cliff ලකුණු 57 කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 387 ක්.

George Bell ලකුණු 107 ක් හා Ross Whitfield ලකුණු 86 ක් රැස් කළ අතර, Bertie Foreman නොදැවී ලකුණු 58 යි.

පන්දු යැවීමේ දී දුවිදු රණතුංග ලකුණු 100කට කඩුලු 4ක් දවා ගත්තා. දුලාජ් සමුදිත හා වනුජ සහන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 86 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...