මේයර්ස්ගේ ශතකය අපතේ යවමින් නවසීලන්තය ඉතිහාසය වෙනස් කරයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී ලැබූ සිය පළමු එක්දින තරගාවලි ජය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(22) පෙරවරුවේ දී සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගනිමින්.

නවසීලන්ත පිතිකරුවන් සිව්දෙනෙකු වාර්තා කළ අර්ධ ශතක හමුවේ ඔවුන් තමන්ට ලද ලකුණු 302 ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 47.1 ක් අවසානයේ දී කඩුලු 5 ක් දැවී පසු කර ගියා.

ටොම් ලේතම් ලකුණු 69ක්, ඩැරල් මිචෙල් ලකුණු 63ක්, මාර්ටින් ගප්ටිල් ලකුණු 57 ක් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 56 ක් රැස් කරමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 37 කට කඩුලු 2ක් බිද හෙලූ අතර, Yannic Cariah ලකුණු 77 කට කඩුලු 2ක් දවා ගත්තා.

බාර්බඩෝස් හි Kensington Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 301 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ක්යල් මේයර්ස් ලකුණු 105 ක් ලබා ගත්තේ පන්දු 110 කින්. හයේ පහර 3ක් හා හතරේ පහර 12ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ෂේයි හෝප් ලකුණු 51 යි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 173ක්.

අනතුරුව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක නිකලස් පූරාන් පන්දු 55 ක් පමණක් වැය කරමින් ලකුණු 91 ක් රැස් කළේ හයේ පහර 9 ක් හා හතරේ පහර 4 ක් ද සමගින්.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 53 කට කඩුලු 3ක් දවා ගත් අතර, මිචෙල් සැන්ට්නර් ලකුණු 38 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...