දකුණු අප්‍රිකාව හමුවේ එංගලන්තයට ඉනිමක දරුණු පරාජයක්

Date:

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය දින 3ක් අවසන් වීමටත් පෙර නිමා කරමින් ඉනිමක හා ලකුණු 12 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද(19) සමත් වුණා.

ඒ, තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයේ සියලු පිතිකරුවන් ලකුණු 149 කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වීමත් සමගයි.

ඇලේක්ස් ලීස් හා  ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 35 බැගින් ලබා ගත් අතර, නායක බෙන් ස්ටොක්ස් ලකුණු 20කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා කඩුලු 3ක් ද, කාගිසෝ රබාඩා, කේෂාව් මහරාජ් හා මාර්කෝ ජන්සෙන් කඩුලු 2 බැගින් ද, ලුන්ගි එන්ගිඩී එක් කඩුල්ලක් ද දවා ගත්තා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලකුණු 289 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 326 ක්.

ආරම්භක පිතිකරුවන් වූ ඩීන් එල්ගර් ලකුණු 47 කට දැවී ගිය අතර, Sarel Erwee ලකුණු 73 ක් රැස් කළා.

මාර්කෝ ජන්සෙන් ලකුණු 48 ක් හා කේෂාව් මහරාජ් ලකුණු 41 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් හා ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 165 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...