Watch : ඇන්ඩර්සන්ගේ පන්දුවකට අවාසනාවන්ත ලෙස එල්ගර් දැවී ගිය හැටි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(18).

දිනය ආරම්භ කරන විට ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116 ක්.

ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165 ක් පමණයි.

ඔලී පෝප් ලකුණු 73 ක් ද, නායක බෙන් ස්ටොක්ස් ලකුණු 20 ක් ද, ස්ටුවට් බ්‍රෝඩ් හා ජැක් ලීච් ලකුණු 15 බැගින් ද රැස් කළා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 52 කට කඩුලු 5 ක් දවා ගත්තා. අන්රිච් නොකියා කඩුලු 3ක් දවා ගත් අතර, මාර්කෝ ජන්සෙන් කඩුලු 2 ක් බිද හෙලුවා.

දකුණු අප්‍රිකා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබදතාවය සටහන් වුණේ ලකුණු 85 ක් ලෙසයි.

නායක ඩීල් එල්ගර් ලකුණු 47 කට දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වීමත් සමගයි එම සබදතාවය බිද වැටුණේ.

ඇන්ඩර්සන් යොමු කළ පන්දුවක් පාදයක වැදී අනතුරුව දකුණු අතේ වැදීමෙන් පසුව එය කඩුල්ල වෙත ඇදී ගොස් එහි වැදීමෙන් ඩීන් එල්ගර්ට සිය කඩුල්ල අහිමි වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...