සිම්බාබ්වේ පරදා ඉන්දියාවට කඩුලු 10 ක පහසු ජයක්

Date:

ශිකර් ධවාන් හා ෂුබ්මන් ගිල්ගේ ආරම්භක කඩුල්ලේ නොදැවුණු සබදතාවය හමුවේ ඉන්දියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10 ක පරාජයක් අත්විදීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට අද(18) සිදු වුණා.

හරාරේ හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 190 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 30.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(192/0)

ධවාන් නොදැවී ලකුණු 81(113) ක් ද, ගිල් නොදැවී ලකුණු 82(72) ක් ද රැස් කරමින් ඉන්දියාවට පහසු ජයක් හිමි කර දුන්නා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 189 ක් රැස් කළේ පන්දුවාර 40.3 ක් අවසානයේ දී යි.

නායක රෙජිස් චකබ්වා ලකුණු 35 ක් ලබා ගත් නමුත්, සෙසු කිසිදු නම් දැරූ පිතිකරුවෙකුගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.

අංක 9 පිතිකරු වූ Brad Evans නොදැවී ලකුණු 33 ක් ලබා ගත්තා. අංක 10 පිතිකරු Richard Ngarava රැස් කළ ලකුණු සංඛ්‍යාව 34 ක්.

ඔවුන් දෙදෙනා අතර 9 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 70(65)ක්.

පන්දු යැවීමේ දී දීපක් චහාර්, ප්‍රසිද් ක්‍රිෂ්නා හා අක්සාර් පටෙල් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...