Dubai Capitals ​සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ගිවිසුම්ගත වෙයි

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීග් (International League T20) (ILT20) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත Dubai Capitals සංචිතයේ ක්‍රීඩකයින්ගේ නම් එම කණ්ඩායම විසින් නිවේදනය කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමගයි Dubai Capitals කණ්ඩායම එලෙස ගිවිසුම්ගත වී ඇත්තේ.

ඊට අමතරව කොදෙව් දූපත්හි රොව්මන් පවෙල් හා ඇෆ්ඝනිස්තානයේ මුජීබ් උර් රහ්මාන් ද එම කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

තරගාවලියට කණ්ඩායම් 6ක් තරග කරන අතර, සෑම සංචිතයක් සදහාම ක්‍රීඩකයින් 18 දෙනෙකු නම් කළ හැකියි.

සංචිතයකට ඇතුළත් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණයි. සෙසු ක්‍රීඩකයින් 14 දෙනා විදෙස් ක්‍රීඩකයින් විය යුතුයි.

2023 වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ලීගය සදහා තරග 34 ක් ඇතුළත් අතර, සාජා, ඩුබායි හා අබුඩාබි හී දී තරග පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...