මාස 29කට පසු නවසීලන්තයේ සියල්ලන් දැවී යද්දී කොදෙව්වන්ට තරග 9කට පසු එක්දින ජයක්

Date:

පන්දු යවන්නන්ගේ දක්ෂතා හා ශමාර්හ් බෘෘක්ස් රැස් කළ ලකුණු 79 න් ශක්තිමත් වෙමින් සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

කොදෙව්වන් අවසන් එක්දින තරග 10 තුළ දී ලැබූ පළමු ජයග්‍රහනය මෙය වන අතර, මෙම තරගයේ දී සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමක් බවට පත් වුණේ වසර දෙකකටත් වැඩි කාලයකට පසුව එක්දින තරගයකදී නවසීලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවී යාමයි.

2020 වසරේ මාර්තු මාසයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගයකදීයි අවසන් වරට එලෙස ඔවුන්ගේ සියලු පිතිකරුවන් දැවී ගොස් තිබුණේ.

බාර්බඩෝස් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පන්දු රැකීමට තීරණය කළ අතර, නවසීලන්තය පන්දුවාර 45.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 190 ක්.

නායක කේන් විලියම්සන් ලකුණු 34ක් හා මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 31 ක් රැස් කළ අතර, ෆින් ඇලන් හා මිචෙල් සැන්ට්නර් ලකුණු 25 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් අකීල් හොසේන් හා අල්සාරි ජෝසප් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, ජේසන් හෝල්ඩර් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 39 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ ශක්තිමත්ම සබදතාවය බවට පත් වුණේ ශාමාර්හ් බෘෘක්ස් හා නායක නිකලස් පූරාන් සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගූ ලකුණු 75(87)ක සබදතාවයයි.

බෘෘක්ස් පන්දු 91 කින් ලකුණු 79 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්.

පූරාන් ලකුණු 28 ක් ද, ෂේයි හෝප් ලකුණු 26 ක් ද ලබා ගත්තා. ක්යල් මේයර්ස් ලකුණු 6කටත්, Keacy Carty ලකුණු 11කටත් දැවී ගියා. ජර්මයින් බ්ලැක්වුඩ් නොදැවී ලකුණු 12 ක් හා ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 13 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා ටිම් සවුති කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...