ලකුණු 16ක ජයකින් එක්දින තරගාවලියට පාකිස්තානයෙන් ජයග්‍රාහී ආරම්භයක්

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

Rotterdam හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 314 ක් ලබා ගත්තා.

ෆකාර් සමාන් පන්දු 109 කින් ලකුණු 109 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 12 ක් සමගින්.

නායක බාබර් අසාම් පන්දු 85 කින් වාර්තා කළ ලකුණු ප්‍රමාණය 74 ක්. ශඩාබ් ඛාන් නොදැවී ලකුණු 48 යි. පන්දු 28 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී Logan van Beek හා Bas de Leede කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 298 ක් පමණයි.

නායක Scott Edwards නොදැවී ලකුණු 71 ක් ලබා ගත් අතර, Vikramjit Singh හා Tom Cooper ලකුණු 65 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් හා මෙම තරගයේ දී එක්දින වරම් දිනූ නසීම් ශාහ් කඩුලු 3 බැගින් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...