ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු නයිට් රයිඩර්ස් කණ්ඩායමට තෝරා ගැනේ

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලබන වසරේ දී පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීගය (International League T20) (ILT20) සදහා ක්‍රීඩා කිරීමට නියමිත අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් පළමු ක්‍රීඩකයින් 14 දෙනා නිවේදනය කර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනුයි එම කණ්ඩායමේ ද හිමිකාරීත්වය දරනු ලබන්නේ.

මෙම සංචිතය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව ලහිරු කුමාර, චරිත් අසලංක හා සීක්කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයින් අබුඩාබි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන සුනිල් නාරායන් හා අන්ඩ්‍රි රසල් ද අබුඩාබි නයිට් රයිඩර්ස් සංචිතයට ඇතුළත්.

සංචිතයට ඇතුළත් කරන එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයින් පසුව තෝරා ගනු ඇති.

Squad:

Sunil Narine, Andre Russell, Jonny Bairstow, Paul Stirling, Lahiru Kumara, Charith Asalanka, Colin Ingram, Akeal Hosein, Seekkuge Prasanna, Ravi Rampaul, Raymon Reifer, Kennar Lewis, Ali Khan, Brandon Glover

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...