මහීෂ් තීක්ෂන කෝටි 7කට අලෙවි වෙයි

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායම සමග සෘජුව ගිවිසුම් ගත වූ ක්‍රීඩකයන් පස් දෙනාගේ නම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකානු හිටපු නායක  ෆෆ් ඩු ප්ලෙසිස් විසින් එම කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිතයි.

ඔහු සමග සුපර් කිංග්ස් කණ්ඩායම ගිවිසුම් ගත වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 375,000 ක මුදලකටයි.

ජොහැනස්බර්ග් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබන්නේ ද ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසින්.

ඩු ප්ලෙසිස් චෙන්නායි කණ්ඩායම ද නියෝජනය කරමින් තරග සියයකට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහුට අමතරව චෙන්නායි කණ්ඩායම සමග 2021 වසරේදී එක්වූ එංගලන්තයේ මොයීන් අලී ද ඇමරිකානු ඩොලර් 400,000 ක මුදලකට ජොහැනස්බර්ග් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් නියෝජනය කරන ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන ද ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලකටයි. (රුපියල් කෝටි 7ක් පමණ)

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රොමාරියෝ ෂෙපර්ඩ් හා දකුණු අප්‍රිකාවේ Gerald Coetzee ද ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත මෙම නවතම 20යි 20 ලීග් තරගාවලියේ පළමු අදියර සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය සැප්තැම්බර් 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...