බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 90ක ජයක් වාර්තා කරමින් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ජැමයිකාවේ Sabina Park ක්‍රීඩාංනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණූ 215 ක් ලබා ගත්තා.
ග්ලේන් පිලිප්ස් පන්දු 41 කින් ලකුණු 76 ක් රැස් කළේ හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් සමගින්. ඩැරල් මිචෙල් ලකුණු 48 ක්ද, ඩෙවෝන් කොන්වේ ලකුණු 42 ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී ඔබෙඩ් මැකෝයි ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125 ක් පමණයි.
ඔබෙඩ් මැකෝයි නොදැවී ලකුණු 23 ක්, රොව්මන් පවෙල් ලකුණු 21 ක් හා රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 18 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් හා මයිකල් බ්‍රේස්වෙල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

