ඩර්බන් කණ්ඩායම සිය පළමු ක්‍රීඩකයින් පස්දෙනා නිවේදනය කරයි

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම 20යි 20 ක්‍රිකට් ලීගය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් සිය කණ්ඩායම ගිවිසුම් අත්සන් කළ පළමු ක්‍රීඩකයින් 5 දෙනා ඩර්බන් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායම විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් ලෙස ඔවුන් ගිවිසුම් අත්සන් කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් වන ජේසන් හෝල්ඩර්, ක්යල් මේයර්ස් හා එංගලන්තයේ රීස් ටොප්ලි සමගයි.

දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්වෙන්ටන් ඩී කොක් සමග ඩර්බන් කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ලෙස ඔවුන් ගිවිසුම්ගත වී ඇත්තේ Prenelan Subrayen සමගයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන RPSG සමූහය විසින් ඩර්බන් කණ්ඩායමේ ද හිමිකාරීත්වය දරනු ලබනවා.

මීට පෙර MI Cape Town කණ්ඩායම ද සිය කණ්ඩායම විසින් පළමුව ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින් 5 දෙනා නිවේදනය කළා.

මෙම ලීග් තරගාවලියේ නීති ප්‍රකාරව තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් හයට වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් 5 දෙනෙකු සමග ගිවිසුම් ගත විය හැකියි.

ප්‍රධාන (marquee) ක්‍රීඩකයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් සමග කණ්ඩායම් මේ වන විට ගිවිසුම්ගත වී ඇති බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබූ අතර, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩිවිය වාර්තා කර තිබුණේ එම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ද ඇතුළත් බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...