සියලු ත්‍යාග මුදල් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

Date:

නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී හිමි වූ ත්‍යාග මුදල් යළි මෙරටටම පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පියවර ගෙන තිබෙනවා.

මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ළමයින් හා පවුල් සදහා සහයෝගය දැක්වීමේ අරමුණින් ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව UNICEF හි (එක්සත් ජාතීන්ගේ ළමා අරමුල) ඔස්ට්‍රේලියානු තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන ටෙස්ට් නායක පැට් කමින්ස්ගේ මෙන්ම සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච්ගේ මූලිකත්වයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඔස්ට්‍රේලියානු ඩොලර් 45,000 ක මුදලක් (රුපියල් මිලියන 11 පමණ) UNICEF අරමුදලේ ඉල්ලීමක් මත පරිත්‍යාග කර තිබෙනවා.

අවදානමට ලක්විය හැකි මිලියන 1.7 ක ශ්‍රී ලාංකික දරුවන් සඳහා පෝෂණය, සෞඛ්‍ය, සුරක්ෂිත පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා සදහා මෙම මුදල් යොදවනු ඇති.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට 20යි 20 තරග 3ක්, එක්දින තරග 5 ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වුණා.

20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ඔස්ට්‍රේලියාවද, එක්දින තරගාවලිය තරග 3-2 ක් ලෙස ශ්‍රී ලංකාව ද ජය ගත් අතර, ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...