දික්වැල්ලගේ නොදැවුණු ඉනිම Greens පිලට තියුණු ජයක් ගෙනෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 8 ක ජයක් වාර්තා කිරීමට SLC Greens කණ්ඩායම අද (10) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ SLC Reds කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් SLC Greens කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 161 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

නිරෝෂන් දික්වැල්ල පන්දු 56 කින් නොදැවී ලකුණු 76 ක් ලබා ගත්තා. හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පැතුම් නිස්සංක ලකුණු 10කටත්, දිනේෂ් චන්දිමාල් ලකුණු 15 කටත් දැවී ගිය අතර, නායක දසුන් ශානක ලකුණු 21කට දුවද්දී දැවී ගියා. ධනංජය ලක්ෂාන් ලකුණු 19යි. රමේෂ් මෙන්ඩිස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 11ක්.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තා. මතීෂ පතිරණ, සහන් ආරච්චිගේ හා වනිදු හසරංග එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Reds කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 153 ක් පමණයි.

ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 31 කට දැවී ගිය අතර, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 30යි. භානුක රාජපක්ෂ ලකුණු 34 ක් ද, කමිදු මෙන්ඩිස් ලකුණු 24 ක් ද ලබා ගත්තා. සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 19යි.

පන්දු යැවීමේ දී නිමේෂ් විමුක්ති, නුවන් තුෂාර, ධනංජය ලක්ෂාන්, ලක්ෂාන් සදකැන් හා රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...