චමීරට හා කුමාරට ආරාධිත 20යි 20 ලීගය අහිමි වෙයි ; සංචිතවලට වෙනස්කම් කිහිපයක්

Date:

අද(8) ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘Greens’ කණ්ඩායමේ සංචිතය සදහා මැදපෙල පිතිකරුවෙකු වන ජනිත් ලියනගේ ඇතුළත් කර තිබෙනවා.

තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් හතරට අයත් සංචිත පසුගිය 27 වැනිදා නිවේදනය කෙරුණු අතර, එම කිසිදු සංචිතයකට මීට පෙර ඔහුව ඇතුළත් කර තිබුණේ නැහැ.

‘Greens’ කණ්ඩායමට ඇතුළත්ව සිටි දිල්ෂාන් මධුෂංක ‘Blues’ කණ්ඩායම වෙත මාරු කිරීමට ද පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ‘Reds’ සංචිතය සදහා ඇතුළත් කර තිබෙනවා.

‘Blues’ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර හා ‘Reds’ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙම තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔවුන් දෙදෙනා ආබාධවලට ලක්ව සිටින බැවින් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...