ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

Date:

ජූලි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය විසින් හිමි කර ගෙන තිබෙනවා.

මෙම සම්මානය දිනා ගත් දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.

මීට පෙර පසුගිය මැයි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ද ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් විසින් හිමි කර ගත්තා.

එම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ සෙසු ක්‍රීඩකයින් දෙදෙනා වූයේ එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව් හා ප්‍රංශ පිතිකරු Gustav McKeon.

ප්‍රභාත් ජයසූරිය ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් අතර, එම තරගයේ දී කඩුලු 12 ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.

පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ද ඉහළ දක්ෂතා දැක් වූ ඔහු සිය පළමු ටෙස්ට් තරග තුන අවසන් වන විට බිද හෙලා ඇති කඩුලු ගණන 29 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...