හර්ෂාල් පටෙල්ට ආසියානු කුසලානයත් අහිමි වන ලකුණු

Date:

ආබාධයකට ලක්ව සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටෙල්ට එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරග 3 සදහා ද ඔහු ක්‍රීඩා නොකළ අතර, අද පැවැත්වෙන සිව්වැනි තරගය ද මෙම ආබාධය නිසා ඔහුට අහිමි වුණා.

අවසන් 20යි 20 තරගය ද ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙම ආබාධය හේතුවෙන් අහිමි වී ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ.

ඔහුගේ ආබාධය සුව වීමට කොපමණ කලක් ගත වනු ඇත්දැයි මෙතෙක් නිශ්චිතව වාර්තා නොවන අතර, ඇතැම් විට ඔහුට එළඹෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද අහිමි වීමේ අවධානමක් පවතින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

අගෝස්තු 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය එළඹෙන 8 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...