සැන්ට්නර්ගේ 77* හමුවේ නවසීලන්තය තරග 11-0 ක් ලෙස යුරෝපා සංචාරය අවසන් කරයි

Date:

සිය යුරෝපීය තරග සංචාරය තරග 11 ට බින්දුවක් ලෙස අපරාජිතව අවසන් කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, නෙදර්ලන්තය සමග පැවැති තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමත් සමගයි.

නෙදර්ලන්තයට එරෙහිව මෙරට වේලාවෙන් ඊයේ (5) රාත්‍රියේ පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් නවසීලන්තය ජය වාර්තා කළේ කඩුලු 8කින්.

The Hague හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 14 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි නායක මිචෙල් සැන්ට්නර් පන්දු 42 කින් ලකුණු 77 ක් නොදැවී වාර්තා කිරීම කැපී පෙනුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් ඇතුළත්. ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 51 (27) යි.

නවසීලන්ත කණ්ඩායමේ යූරෝපා සංචාරයේ දී ඔවුන් හමුවේ අයර්ලන්තය එක්දින හා 20යි 20 තරගාවලි ද්විත්වයේ දී තරග 6-0 ක් ලෙස පරාජයට පත් වුණා.

ස්කොට්ලන්තයට එරෙහි එක්දින හා 20යි 20 තරග ද තරග 3-0 ක් ලෙස නවසීලන්තය ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...