ශ්‍රී ලංකාවට තවත් අන්ත පරාජයක්

Date:

බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 10 ක දැවැන්ත පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද(4) සිදු වුණා.

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 17.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 46 ක් පමණයි.

නායිකා චමරි අතපත්තු ලකුණු 15 (29) ක් රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකාරිණියක් ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී Nadine de Klerk පන්දුවාර 4ක් තුළ ලකුණු 7 කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 6.1 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Tazmin Brits නොදැවී ලකුණු 21 ක් හා Anneke Bosch නොදැවී ලකුණු 20 ක් ලබා ගැනීමට සමත් වුණා.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාව B කාණ්ඩයේ අවසන් ස්ථානයට පත් වුණේ ක්‍රීඩා කළ තරග තුනම පරාජයට පත් වෙමින්.

අද තරගයෙන් ජය ගත්ත ද දකුණු අප්‍රිකාවට ද තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...