සූර්යකුමාර්ගේ ලකුණු 76 ඉන්දියාව 2-1 ක් ලෙස පෙරමුණට ගෙන යයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම මෙරට වේලාවෙන් අද (3) අලුයම සමත් වුණා.

ශාන්ත කිට්ස් හි Basseterre හි Warner Park ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කොදෙව්වන්ට ලබා දුන්නා.

ඒ අනුව කොදෙව් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් රැස් කරමින්.

ක්යල් මේයර්ස් පන්දු 50 කින් ලකුණු 73 ක් රැස් කළා. හයේ පහර 4ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 20 (20) ක්, නායක නිකලස් පූරාන් ලකුණු 22 (23) ක්, රොව්මන් පවෙල් ලකුණු 23 (14) ක් හා ශිම්රන් හෙට්මයර් ලකුණු 20(12) රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් කඩුලු 2ක් දවා ගත් අතර, හර්ඩික් පාන්ඩ්යා හා අර්ෂ්දීප් සිං අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රොහිට් ෂර්මා ලකුණු 11 ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. ඔහු සමග ඉනිම ආරම්භ කළ සූර්යකුමාර් යාදව් පන්දු 44 කින් ලකුණු 76 ක් ලබා ගැනීමට සමත් වුණා. හයේ පහර 4 ක්, හතරේ පහර 8ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ෂ්රෙයස් අයියර් ලකුණු 24 කටත්, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 4 කටත් දැවී ගියා. රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 33 (26) ක් හා දීපක් හූදා නොදැවී ලකුණු 10 ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ඩොමිනික් ඩ්‍රෙක්ස්, ජේසන් හෝල්ඩර් හා අකීල් හොසෙයින් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...