ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පදක්කම් සිහිනය බොද වෙයි ; නවසීලන්තය හා එංගලන්තය අවසන් හතරට

Date:

එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙරට වේලාවෙන් අද (3) අලුයම සිදු වුණා.

ඒ, තරගාවලියේ 8 වැනි තරගය ලෙස නවසීලන්තය සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 45 ක පරාජයක් ලැබීම හේතුවෙන්.

බර්මිංහැම් හි Edgbaston ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා.

Suzie Bates ලකුණු 34 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 30 කට කඩුලු 3ක් ද, ඕෂදී රණසිංහ ලකුණු 31 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 102 ක් පමණයි.

නායිකා චමරි අතපත්තු ලකුණු නොලබා දැවී ගිය අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 36 ක් ලබා ගත්තා. ඕෂදී රණසිංහ නොදැවී ලකුණු 18 යි.

වෙනත් කිසිදු පිතිකාරිණියක් ලකුණු 10 සීමාව පසු කළේ නැහැ. පන්දු යැවීමේ දී සිය පන්දුවාර 4 තුළ දී Hayley Jensen ලකුණු 5 කට කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව B කාණ්ඩයෙන් නවසීලන්තය හා එංගලන්තය යන රටවල් මේ වන විට තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...