චැප්මන් – මිචෙල් අගනා සබදතාවය නවසීලන්තයට කඩුලු 7ක ජයක් ගෙනෙයි

Date:

ස්කොට්ලන්තය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

Edinburgh හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 49.4 තුළ සියලු දෙනා දැවී ලකුණු 306 ක් ලබා ගත්තා.

Michael Leask ලකුණු 85 ක් ද, Matthew Cross ලකුණු 53 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී Jacob Duffy හා මයිකල් බ්‍රේස්වේල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 45.5 ක් අවසානයේ දී යි.

මාර්ටින් ගප්ටිල් ලකුණු 47 කටත්, ෆින් ඇලන් ලකුණු 50 කටත් දැවී ගිය අතර, Dane Cleaver ලකුණු 32 යි.

අනතුරුව මාර්ක් චැප්මන් හා ඩැරල් මිචෙල් සිව්වැනි කඩුල්ල සදහා පන්දු 131 කින් නොබිදුණු ලකුණු 175 ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

චැප්මන් නොදැවී ලකුණු 101 ක් රැස් කළේ පන්දු 75 කින්. ඒ, හයේ පහර 7 ක් හා හතරේ පහර 6 ක් සමගින්. මිචෙල් නොදැවී ලකුණු 74 (62) යි.

පන්දු යැවීමේ දී Michael Leask කඩුලු 2 ක් බිද හෙලීමට සමත් වුණා.

මෙම තරගයත් සමග නවසීලන්ත කණ්ඩායමේ ස්කොට්ලන්ත තරග සංචාරය නිමා වූ අතර, එක්දින තරගයට පෙර දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය ද තරග 2-0ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...