CWG 2022 (Cricket) : ශ්‍රී ලංකාව පළමු තරගය පරදියි

Date:

බර්මිංහැම්හි පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් පරාජයට පත් වුණා.

අද(31) අලුයම නිමා වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූ සත්කාරක එංගලන්තය ජය වාර්තා කළේ කඩුලු 5කින්.

B කාණ්ඩය යටතේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 106 ක්.

ඉනිමේ පළමු පන්දුවෙන්ම විශ්මි ගුණරත්න දැවී ගිය අතර, නායිකා චමරි අතපත්තු ලකුණු 10යි. හසිනි පෙරේරා ලකුණු 17කට දැවී ගියා.

නිලක්ෂි ද සිල්වා ලකුණු 25 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වූ අතර, කවීෂා දිල්හාරි ලකුණු 10 ක් ද, ඕෂදී රණසිංහ ලකුණු 13 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Sophie Ecclestone කඩුලු 3 ක් දවා ගත්තා. Issy Wong හා Freya Kemp කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දු 17ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී සිටියදීයි.

Alice Capsey ලකුණු 44 ක් රැස් කළ අතර, Maia Bouchier නොදැවී ලකුණු 21 යි.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 29 කට කඩුලු 3ක් බිද හෙලුවා. ඕෂදී රණසිංහ ලකුණු 20කට දවා ගත් කඩුලු ගණන 2ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...