එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා 20යි 20 ක්‍රිකට් තරග ඉසව්ව ඊයේ(29) ආරම්භ වුණා.
ඊයේ පැවැති තරගවලින් ජය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු හා බාර්බඩෝස් යන කණ්ඩායම්.
A කාණ්ඩය යටතේ ඔවුන් තරග වැදුණු අතර, ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ ඉන්දීය හා පාකිස්තාන කණ්ඩායම්.
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවන් කඩුලු 8ක් දැවී ලකුණු 154 ක් රැස් කළා.
පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු 6 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි. ඒ අනුව එම තරගයෙන් කඩුලු 3ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමි වුණා.
පාකිස්තානය හා බාර්බඩෝස් කණ්ඩායම් අතර පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බාර්බඩෝස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 144 ක් ලබා ගත්තා.
පිළිතුරු ලෙස පාකිස්තානයට පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 129 ක් පමණයි. ඒ අනුව බර්බඩෝස් කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 15 ක ජයක් හිමි වුණා.
බාර්බඩෝස් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලෙ සදහා එක්ව සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමිනුයි.
මෙය ජාත්‍යන්තර 20යි 20 පිටියේ දී බාර්බඩෝස් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය වීම විශේෂත්වයක්.

