පොන්ටින්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබවාදී ප්‍රකාශයක්

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ මේ දක්වා විස්මයජනක කණ්ඩායම බවට පත් වීමට දකුණු අප්‍රිකාව සමත්ව ඇති බව ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රිකී පොන්ටින් පවසනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ ICC Review වැඩසටහන සදහා එක්වෙමින් ඔහු එම අදහස් පල කළා

මේ වන විට තරග 5ක් ජය ගනිමින් 71.43% ක ජයග්‍රහන ප්‍රතිශතයකට හිමිකම් කියමින් දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

“දකුණු අප්‍රිකාව මේ දක්වා කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා.” යනුවෙන් පොන්ටින් සදහන් කළා.

“ඔවුන්ගේ රටේ දී ඔවුන්ගේ වාර්තාව ඉතා විශිෂ්ඨයි. අපි ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මෑතකදී දැක්කා වගේම දකුණු අප්‍රිකාවත් ඔවුන්ගේ රටේ දී පරාජය කිරීම අපහසුයි.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතය සම්බන්ධයෙන් ද සුබවාදී ලකුණු දක්නට ලැබනෙ බවයි පොන්ටින් සදහන් කර සිටියේ.

“පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යම් විනාශයක් සහ අඳුරක් තිබුණා. නමුත් ඔවුන් සිටින තැන සිට ඔවුන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරගයකින් පරාජයට පත් කිරීමට මෑතකදී සමත් වුණා. ඔවුන්ට ඉදිරි ගමන සඳහා හොඳ, ධනාත්මක ලකුණු රැසක් ලැබිලා තියෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...