ස්කොට්ලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී 20යි 20 ජාත්‍යන්තර පිටියේ තමන් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලකුණු 102 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
Edinburgh හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 254 ක්.
මාර්ක් චැප්මන් පන්දු 44 කින් ලකුණු 83 ක් රැස් කළා. ඒ, හයේ පහර 7 ක් හා හතරේ පහර 5 ක් සමගින්.
මයිකල් බ්‍රේස්වෙල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 61 ක්. පන්දු 25 ක් පමණක් වැය කරමින් ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 3 ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.
ඩැරල් මිචෙල් ලකුණු 31(19) ක් හා ජේම්ස් නීෂම් ලකුණු 28(12) ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේ දී Gavin Main ලකුණු 44කට කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.
Chris Greaves ලකුණු 37 (29) ක් හා නායක Richie Berrington ලකුණු 22(12)ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ජේම්ස් නීෂම් හා Michael Rippon කඩුලු 2 බැගින් බිද හෙලුවා.
මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 2කින් යුත් 20යි 20 තරගාවලි තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ද නවසීලන්තය සමත් වුණා.

