තරගයක් අතරතුර දී කාබුල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ බෝම්බ පිපිරීමක්

Date:

ඇෆ්ඝනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

Shpageeza ප්‍රිමියර් ලීග් 20යි 20 තරගාවලිය යටතේ පැවැති තරගයක් අතරතුර දී යි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

ප්‍රේක්ෂකාගාරයේ මෙම පිපිරීම සිදුව ඇති බවත්, තුවාල ලැබූ ප්‍රේක්ෂකයින් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රේක්ෂකයින් සිව්දෙනා රෝහල් ගත කිරීමෙන් පසුව පොලීසිය විසින් තරගය යළි ආරම්භ කිරීම සදහා සුදුසු වාතාවරණයක් සකස් කර දී තිබූ බව සදහන්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Pamir Zalmi කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා.

Band-e-Amir Dragons කණ්ඩායමේ පිළිතුරු ඉනිම අදාළ පිපිරීම හේතුවෙන් ප්‍රමාද වීමත් සමග ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔවුන්ට පන්දුවාර 10 කදී ලකුණු 94 ක ඉලක්කයක් හිමි වුණා. එය පන්දුවාර 7.1ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී සපුරා ගැනීමට Band-e-Amir Dragons කණ්ඩායම සමත් වුණා.

පිපිරීමට හේතුව කුඩා බෝම්බයක් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...