කාර්තික්ගේ සුපිරි අවසානය හමුවේ 20යි 20 පහට ඉන්දියාවෙන් ජයග්‍රාහී ආරම්භයක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 තරගයෙන් ලකුණු 68ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(29) සමත් වුණා.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායක නිකලස් පූරාන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා.

ඉන්දීය ඉනිම ආරම්භ කළ රෝහිට් ලකුණු 64 ක් රැස් කළේ පන්දු 44 කින්. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමගින්.

ඔහුගේ ආරම්භක සගයා වූ සූර්යකුමාර් යාදව් ලකුණු 24 කට දැවී ගියා. ෂ්රෙයස් අයියර්ට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. රිෂාබ් පාන්ට් ලකුණු 14යි. හර්ඩික් පාන්ඩ්යා එක් ලකුණකටත්, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 16කටත් දැවී ගියේ ඉන්දීය මැදපෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක තත්ත්වයකට ඇද දමමින්.

කෙසේ වෙතත්, පන්දුවාර 16 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 138ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමට වේගවත් අවසානයක් ගෙන ඒමට දිනේෂ් කාර්තික් සමත් වුණේ පන්දු 19 කින් නොදැවී ලකුණු 41 ක් ලබා ගනිමින්. හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී ලකුණු 13යි. ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ අල්සාරි ජෝසප් කඩුලු 2 ක් දවා ගත් අතර, ඔබෙඩ් මැකෝයි, ජේසන් හෝල්ඩර්, අකීල් හොසෙයින් හා කීමෝ පෝල් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 122 ක් පමණක් රැස් කරමින්.

ශමාර් බෘෘක්ස් ලකුණු 20 ක් ද, කීමෝ පෝල් නොදැවී ලකුණු 19ක් ද, නායක නිකලස් පූරාන් ලකුණු 18 ක් ද වාර්තා කළා. රොව්මන් පවෙල් හා ශිම්රන් හෙට්මයර් ලකුණු 14 බැගින් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං, රවිචන්ද්‍රන් අශ්වින් හා රවී බිෂ්නෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, මෑතකදී කොවිඩ් 19 ආසාදනය වූ කේ.එල් රාහුල්ට මෙම තරගාවලිය අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට සංජු සැම්සන් ඉන්දීය සංචිතයට ආදේශ කර තිබෙනවා.

Updated India squad : Rohit Sharma (C), Ishan Kishan, Sanju Samson, Suryakumar Yadav, Deepak Hooda, Shreyas Iyer, Dinesh Karthik, Rishabh Pant, Hardik Pandya, Ravindra Jadeja, Axar Patel, R Ashwin, Ravi Bishnoi, Kuldeep Yadav, Bhuvneshwar Kumar, Avesh Khan, Harshal Patel, Arshdeep Singh.

WI Squad :

Nicholas Pooran (C), Rovman Powell, Shamarh Brooks, Dominic Drakes, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Obed McCoy, Keemo Paul, Romario Shepherd, Odean Smith, Devon Thomas, Hayden Walsh Jr.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...