Watch : එංගලන්ත – දකුණු අප්‍රිකා දෙවැනි 20යි 20 තරගයේ දී රැක ගත් සුපිරි උඩ පන්දු දෙක

Date:

එංගලන්තයේ කාර්ඩිෆ් හී පැවති දෙවන පන්දුවාරය විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී එංගලන්තය පරාජයට පත්කරමින් ලකුණු 58 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ (28) සමත්වුනා.

එහිදී වසර 06 කට පමණ පසුව යළි දකුණු අප්‍රිකා කණ්ඩායමේ ස්ථානය දිනා ගත් රයිලි රොසෝව් පන්දු 55 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 96 ක් රැස් කිරීම ද කැපී පෙනුණා.

දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 208 ක ඉලක්කයක් එංගලන්ත කණ්ඩායමට ලබා දුන් නමුත්, එංගලන්තයට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ සියලු දෙනා දැවී ලකුණු 149 ක් පමණයි.

දකුණු අප්‍රිකා පන්දු යවන්නන් අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් එංගලන්ත කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ අතර, පන්දු රැකීම අතින් ද දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ගෙන් එංගලන්තයට එල්ල වූයේ ප්‍රබල තර්ජනයක්.

මෙම තරගය තුළ විශිෂ්ඨ උඩ පන්දු රැකගැනීම් කිහිපයක්ම දැක ගත හැකි වූ අතර, එහිදී මෝයීන් අලී දවා ගැනීම සදහා කේශාව් මහරාජ් ලබා ගත් විශිෂ්ඨ අන්දමේ උඩ පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්වුණා.

ඊට අමතරව ජොනී බෙයාර්ස්ටව් දවා ගැනීම සදහා අනර්ඝ උඩ පන්දුවක් රැක ගැනීමට ලුන්ගි එන්ගිඩි ද සමත්වුණා.

උඩ පන්දු දෙකේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...