රොසෝව්ගේ සුපිරි ප්‍රහාරය දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක් ගෙනෙයි

Date:

එංගලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 58 ක ජයක් වාර්තා කරමින් 20යි 20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(29) අලුයම සමත් වුණා.

කාර්ඩිෆ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 207 ක් රැස් කිරීමට සමත් වුණා.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 15යි. රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 32 කින් ලකුණු 53 ක් ලබා ගත්තා. හෙන්රිච් ක්ලාසීන් ලකුණු 19කට දැවී ගිය අතර, Tristan Stubbs නොදැවී ලකුණු 15යි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අංක 3 පිතිකරු රයිලි රොසෝව් පන්දු 55 ක් පමණක් වැය කරමින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 96 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී මොයීන් අලී, ක්‍රිස් ජෝර්ඩන් හා Richard Gleeson අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 208 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්තයට පන්දුවාර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 149 ක් පමණයි.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 30ක්, නායක ජොස් බට්ලර් ලකුණු 29ක්, මොයින් අලී ලකුණු 28ක් හා ජේසන් රෝයි ලකුණු 20 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා ටබ්රයිස් ශම්සි කඩුලු 3 බැගින් බිද හෙලුවා. ලුන්ගි එන්ගිඩී බිද හෙලූ කඩුලු ගණන 2ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...