සීක්කුගේ ප්‍රසන්නත් “THE 6IXTY” තරගාවලියට

Date:

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය හා කැරබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් විසින් සංවිධාන කරන “THE 6IXTY” නම් පන්දු 60කින් යුත් (පන්දුවාර 10) නව ක්‍රිකට් තරගාවලිය සදහා තරග කරන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස මෙම තරගාවලියේ දී කටයුතු කරන්නේ කොදෙව් හිටපු නායක කයිරන් පොලාඩ්.

සංචිතය සදහා නිකලස් පූරාන්, සුනිල් නරේන්, අන්ඩ්‍රි රසල්, රවී රාම්පෝල්, අකීල් හොසෙයින්, ජෙයිඩ්න් සීල්ස් වැනි කොදෙව් ක්‍රීඩකයින් ඇතුළත්.

විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සීක්කුගේ ප්‍රසන්න ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

නවසීලන්තයේ ටිම් සෙයිෆර්ට් ද නයිට් රයිඩර්ස් සංචිතයට ඇතුළත්ව සිටිනවා.

තරගාවලියේ පළමු අදියර අගෝස්තු 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ශාන්ත කිට්ස් සහ නේවිස් හී දී පැවැත්වීමට නියමිත බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කාන්තා හා පිරිමි වශයෙන් අංශ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වෙනු ඇති. තරගාවලිය සදහා නව නීති රීති කිහිපයක් ද හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව කණ්ඩායමක හය වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව එය සැලකෙන්නේ එම කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවී ගිය ඉනිමක් ලෙසයි. එනම්, කණ්ඩායමකට කඩුලු 10ක් වෙනුවට හිමිවන්නේ කඩුලු 6ක් පමණයි.

කණ්ඩායමකට පවර්ප්ලේ පන්දුවාර 2ක් හිමි වනවා. තෙවැනි පවර්ප්ලේ පන්දුවාරයක්ද ලබා ගැනීමේ අවස්ථාව පිතිකරණ කණ්ඩායමට හිමිවන අතර, එය ලබා ගැනීමටනම් පළමු පන්දු 12 තුළදී හයේ පහර දෙකක් එල්ල කිරීමට පිතිකරුවන්ට සිදු වනවා.

සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගවලදී පන්දුවාරයෙන් පන්දුවාරයට අන්ත මාරු කිරීම සිදු වන නමුත් මෙම තරගාවලියේ දී පන්දු යැවීමේ දී පන්දුවාර 5ක් අඛණ්ඩව එක් අන්තයකින් යොමු කළ යුතුයි.

මිනිත්තු 45ක් තුළ පන්දුවාර 10 යවා නිමා කිරීමට කණ්ඩායමකට නොහැකි වන්නේනම්, අවසන් පන්දු 6 යොමු කිරීමට එම කණ්ඩායමට සිදු වන්නේ එක් පන්දු රකින්නෙකු නොමැතිවයි.

ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් ද එක්වීමට නියමිත මෙම තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් හයක් සහ කාන්තා කණ්ඩායම් තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...