නවසීලන්තයට ලකුණු 68 ක ජයක්

Date:

ස්කොට්ලන්තය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 68ක ජයක් වාර්තා කරමින් තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

Edinburgh හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5කට ලකුණු 225 ක් රැස් කළා.

ෆින් ඇලන් පන්දු 56 කින් ලකුණු 101 ක් ලබා ගත්තා. හයේ පහර 6ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මාර්ටින් ගප්ටිල් ලකුණු 40යි.

පන්දු යැවීමේ දී Hamza Tahir, Chris Sole, Mark Watt හා Richie Berrington එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි.

Calum MacLeod ලකුණු 33ක් හා Chris Greaves ලකුණු 31ක් රැස් කළා. George Munsey ලකුණු 28යි.

පන්දු යැවීමේ දී ඉෂ් සෝදි ලකුණු 28කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...