දිවා ආහාරයට පෙර කඩුලු 4 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනයට ළගා වෙයි : Lunch Report

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි (28).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 508 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා සිටියා.

නායක බාබර් අසාම් නොදැවී ලකුණු 76 (133) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනයේ පළමු කඩුල්ල ලෙස ඉමාම් උල් හක් ලකුණු 49කට දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

අනතුරුව බාබර් අසාම් හා මොහමඩ් රිස්වාන් අතර තෙවැනි කඩුල්ල සදහා ලකුණු 79 ක සබදතාවයක් ගොඩ නැගුණා.

රිස්වාන් ලකුණු 37 කට දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් නිදැල්ලේ යැවීමට ගත් උත්සාහයේ දී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.(දර්ශන පහතින්)

පසුව ෆවඩ් අලාම් එක් ලකුණකට දුවද්දී දැවී ගිය අතර, අගා සල්මාන් ලකුණු 4 කට දැවී ගියා. ඒ, ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේයි.

දිනය ආරම්භ කරන විට පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 89 ක් ලබා සිටි අතර, ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරන අවස්ථාව දක්වා වූ කාලය තුළ දී පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 99 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් කඩුලු 3 ක් දවා ගෙන ඇති අතර, රමේෂ් එක් කඩුල්ලක් දවා තිබෙනවා.

ඒ අනුව තරගය ජය ගැනීමටනම් පාකිස්තානය අද දිනයේ දී තවත් ලකුණු 320 ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව කඩුලු 5ක් දවා ගත යුතුයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 378 ක් රැස් කළා. පිළිතුරු ලෙස පාකිස්තානය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 231 ක්.

අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 360 ක් ලබා සිටියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...