වාර්තා රැසක් අලුත් කරමින් එංගලන්තයට ලකුණු 41 ක විශිෂ්ඨ ජයක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු 20යි 20 තරගයෙන් ලකුණු 41 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද (28) අලුයම සමත් වුණා.

බ්‍රිස්ටල් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 234 ක් ලබා ගනිමින්. එය එංගලන්තය 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

ආරම්භක පිතිකරුවන් වූ නායක ජොස් බට්ලර් ලකුණු 22(7)කටත්, ජේසන් රෝයි ලකුණු 8කටත් දැවී ගියා.

ඩේවිඩ් මලාන් පන්දු 23කින් ලකුණු 43ක් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහරක් සමගින්.

වේගවත් පිතිහරඹයක නිරත වූ ජොනී බෙයාර්ස්ටව් පන්දු 53 කින් හයේ පහර 8 ක් හා හතරේ පහර 3 ක් සමගින් ලකුණු 90 ක් රැස් කළා.

මොයීන් අලී පන්දු 18 ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණුු 52 ක් ලබා ගත්තා. හයේ පහර 6 ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

මොයීන් අලීගේ අර්ධ ශතකය (පන්දු 16කින්) ඉතිහාසයට එක් වුණේ එංගලන්ත පිතිකරුවෙකු 20යි 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ යොමු කළ ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී එංගලන්තය ලකුණු 33ක් වාර්තා කිරීම කැපී පෙනුණා. ජොනී බෙයාර්ස්ටව් හා මොයීන් අලී එල්ල කළ හයේ පහර 5ක් ඊට ඇතුළත්. (දර්ශන පහතින්)

බෙයාර්ස්ටව් හා මොයීන් අතර සිව්වැනි වැනි කඩුල්ල සදහා පන්දු 37 කින් ලකුණු 106 ක සබදතාවයක් ගොඩ නැගීම ද කැපී පෙනුණා.

එංගලන්ත ඉනිමේ දී හයේ පහරවල් 20 ක් වාර්තා වූ අතර, එය එංගලන්තය 20යි 20 තරගයකදී එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී ලකුණු 39 කට කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 193ක් පමණයි.

රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 33කින් ලකුණු 57ක් රැස් කළ අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ Tristan Stubbs පන්දු 28 ක් පමණක් වැය කරමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 72 ක්. හයේ පහර 8කින් හා හතරේ පහර 2කින් Stubbs ගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී Richard Gleeson කඩුලු 3ක් දවා ගත් අතර, රීස් ටොප්ලි හා අඩිල් රෂීඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...