Watch : අවසන් දිනයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ඉමාම් දවා ගත් හැටි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි(28).

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 508 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 89 ක් ලබා සිටියා.

තරගය ජය ගැනීමටනම් පාකිස්තානය අද දිනයේ දී තවත් ලකුණු 419 ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව කඩුලු 9ක් දවා ගත යුතුයි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ඉමාම් උල් හක් දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

ඒ, නිරෝෂන් දික්වැල්ල රැක ගත් උඩ පන්දුවක් හමුවේයි.(දර්ශන පහතින්)

දැවී යන විට ඉමාම් උල් හක් ලකුණු 49 ක් රැස් කර ගෙන තිබුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 378 ක් රැස් කළා. පිළිතුරු ලෙස පාකිස්තානය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 231 ක්.

අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 360 ක් ලබා සිටියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...