2023-27 ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහනට (FTP) ICC අනුමැතිය

Date:

2023 වසරේ සිට 2027 වසර දක්වා කාලයට අයත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහන (FTP 2023-27) සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, මේ වන විට එංගලන්තයේ බර්මිංහැම්හී දී පැවැත්වෙන අයි.සී.සී වාර්ෂික රැස්වීමේ දී යි.

ඉදිරි දිනවලදී එම තරග කාලසටහන නිවේදනය කරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

මේ අතර, අයි.සී.සී සභාපතිධූරය සදහා වන නිලවරණය ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

මේ වන විට එම ධූරයේ කටයුතු කරන්නේ Greg Barclay.

2022 දෙසැම්බර් පළමු වැනිදා සිට 2024 වසරේ නොවැම්බර් 30 වැනිදා දක්වා වසර දෙකක කාලයක් සදහා නව සභාපතිවරයාට ධූර කාලයක් හිමි වනු ඇති.

මේ අතර, නවසීලන්තයේ ඩැනියල් විටෝරි හා ඉන්දියාවේ වී.වී.එස් ලක්ෂ්මන් අයි.සී.සී පිරිමි ක්‍රිකට් කමිටුව වෙත පත් කර තිබෙනවා.

එමෙන්ම කොදෙව් දූපත්හි රොජර් හාපර් හිටපු ක්‍රීඩක නියෝජනයක් ලෙස එම කමිටුව පත් කර ඇති අතර, ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ද හිටපු ක්‍රීඩකයින් නියෝජනය කරමින් එම කමිටුවට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...