පාකිස්තානය 231 කට දැවී යයි ; ශ්‍රී ලංකාව 169 ක් ඉදිරියෙන් : Lunch Report

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (26).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්නගේ ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළේ නිරෝෂන් දික්වැල්ල හා ඕෂද ප්‍රනාන්දු විසින්.

අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් දිමුත් පිතිකරණයේ නිරත වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළ දික්වැල්ල නොදැවී ලකුණු 11 ක් ද, ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 8ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 7 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 231 ක්.

හසන් අලී ලකුණු 21 කටත්, නොවුමන් අලී එක් ලකුණකටත්, යසිර් ශාහ් ලකුණු 26 කටත් අද දිනයේ දී දැවී ගියා. පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අගා සල්මාන් ලකුණු 62 ක් ලබා ගත් අතර, ඉමාම් උල් හක් ලකුණු 32 යි.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 47 කට කඩුලු 5ක් දවා ගත් අතර, ප්‍රභාත් ජයසූරිය ලකුණු 80කට කඩුලු 3ක් බිද හෙලුවා. මෙන්ඩිස් අද වාර්තා කළේ සිය තෙවැනි කඩුලු පහේ අවස්ථාවයි.

අද පෙරවරුවේ තරගය ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී ලකුණු 62 ක් වාර්තා වූ අතර, දැවී ගිය කඩුලු ගණන 3 ක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 378 ක්. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 169 ක් ඉදිරියෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...