දිමුත්ගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් තවත් නිවේදනයක්

Date:

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මේ වන විට සුවය ලබමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කෙසේ වෙතත්, ගාල්ලේ දී මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් ඔහු පිතිකරණයේ නිරත වන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ඕෂද ප්‍රනාන්දු සමගින් නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනවා.

දිමුත් කරුණාරත්න දෙවැනි ටෙස්ට් තරගය අතරතුර දී පිට කොන්ද ආශ්‍රිත ආබාධ තත්ත්වයකට ගොදුරු වූ අතර, ඒ හේතුවෙන් ඔහු පාකිස්තාන පළමු ඉනිමේ දී පන්දු රැකීම සදහා ද එක් වූයේ නැහැ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 378 ක් ලබා ගත්තා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමේ සියලු දෙනා අද පෙරවරුවේ දී දැවී ගියේ ලකුණු 231 කටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...