ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය ඉල්ලා අස් වෙයි

Date:

ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, එරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ ආයථනික වර්ගවාදය සම්බන්ධයෙන් සිදු කෙරුණු ස්වාධීන විමර්ශනයේ වාර්තාව හෙට (25) දිනයේ දී නිකුත් වීමට නියමිතව ඇති පසුබිමකයි.

“අපි සැවොම සැබවින්ම කණගාටු වෙනවා. ස්කොට්ලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ දී වර්ගවාදය හෝ වෙනත් ඕනෑම ආකාරයක වෙනස් කොට සැලකීමක් අත්විඳින සෑම කෙනෙකුගෙන්ම ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිනවා” යනුවෙන් ක්‍රිකට් ආයතනයේ සියලු අධ්‍යක්ෂවරු සිය ධූරවලින් ඉල්ලා අස් වෙමින් සදහන් කර සිටියා.

වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ අදාළ වාර්තාවේ අන්තර්ගතය තමන් මෙතෙක් දැක නොමැති බවයි.

ස්කොට්ලන්තයේ වැඩිම කඩුලුලාභියා වන Majid Haq විසින් 2021 වසරේ නොවැම්බර් මාසයේ දී Sky Sports ඔස්සේ ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය ආයතනික වශයෙන් වර්ගවාදී බවට සිදු කෙරුණු චෝදනාවත් සමගයි ඒ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...