නවසීලන්තයට තරග 3-0 ක ජයක්

Date:

අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, Belfast හි පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් නවසීලන්තය කඩුලු 6ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා.

පෝල් ස්ටර්ලින්ග් පන්දු 29 කින් ලකුණු 40 ක් ලබා ගත් අතර, Mark Adair නොදැවී ලකුණු 37 (15) ක් රැස් කළා. Lorcan Tucker ලකුණු 28 ක් හැරී ටෙක්ටර් ලකුණු 23 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Blair Tickner හා ඉෂ් සෝදි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට පන්දු 6ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටිය දී යි.

ග්ලේන් පිලිප්ස් පන්දු 44 කින් නොදැවී ලකුණු 56 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහරක් සමගින්. ඩැරල් මිචෙල් ලකුණු 48 (32) ක් ලබා ගත්තා. ජේම්ස් නීෂම් හයේ පහර 2ක් හා හතරේ පහර 2 ක් සමගින් පන්දු 6 කින් නොදැවී ලකුණු 23 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් ලකුණු 33 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...