ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වෙනස්කම් කිහිපයක්

Date:

ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක යළි පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

ඔහුට ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කොවිඩ් 19 ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් ඔහුව පාකිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට පසුගියදා තීරණය කෙරුණා.

මේ අතර, ආබාධයකට ලක්ව සිටින දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කිරීමට ද ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඔහුගේ දකුණු අතේ ඇගිල්ලක් ආබාධයකට ලක්ව ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මහීෂ් වෙනුවට ලක්ෂිත මනසිංහ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර තිබෙනවා.

පැතුම් නිස්සංක හා ලක්ෂිත මනසිංහ අද දිනයේදී ශ්‍රී ලංකා සංචිතය සමග එක් වන බවද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...