බ්‍රේස්වෙල්ගේ කඩුලු ත්‍රිත්වයත් සමග නවසීලන්තයට විශිෂ්ඨ ජයක්

Date:

අයර්ලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 88 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

Belfast හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 179 ක් ලබා ගත්තා.

Dane Cleaver නොදැවී ලකුණු 78 ක් රැස් කළේ පන්දු 55 ක් වැය කරමින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ෆින් ඇලන් ලකුණු 35 ක් ද, ග්ලේන් පිලිප්ස් ලකුණු 23 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ක්‍රෙයිග් යන්ග් ලකුණු 34 කට කඩුලු 2ක් දවා ගත් අතර, ජොෂ් ලිට්ල් ලකුණු 31 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 13.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 91 ක් පමණයි.

Mark Adair ලකුණු 27 ක් හා පෝල් ස්ටර්ලින්ග් ලකුණු 21 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉෂ් සෝදි ලකුණු 21 කට කඩුලු 3ක් දවා ගත්තා. මයිකල් බ්‍රේස්වෙල් යොමු කළ සිය පළමු පන්දුවාරයේ දී ම කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් නවසීලන්තයට දැවැන්ත ජයක් තහවුරු කර දුන්නා.

එම පන්දුවාරය ඔහු 20යි 20 ජාත්‍යන්තර තරගයකදී යොමු කළ පළමු පන්දුවාරය වීම ද විශේෂත්වයක්.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...