ICC WTC : ශ්‍රී ලංකාව පසුබසිද්දී පාකිස්තානය තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පාකිස්තානය අද(20) සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔවුන් අද ලැබූ වාර්තාගත ජයග්‍රහනයත් සමගයි.

තරගය ආරම්භ වීමට පෙර පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසු වූ අතර, ශ්‍රී ලංකාව රැදී සිටියේ තෙවැනි ස්ථානයේ යි.

අද ලැබූ ජයත් සමග පාකිස්තානයට මේ වන විට 58.33 % ක ලකුණු ප්‍රතිශතයක් හිමිව තිබෙනවා.

පාකිස්තානය හමුවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි. ඒ, 48.15% ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින්.

දකුණු අප්‍රිකාව (71.43%) පළමු ස්ථානයේත්, ඔස්ට්‍රේලියාව (70%) දෙවැනි ස්ථානයේත් පසුවනවා.

ඉන්දියාව(52.08%) සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම(50%) ඉදිරියට පැමිණ ඇත්තේ 5 වැනි ස්ථානය දක්වායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...