ස්ටොක්ස්ගේ අවසන් එක්දින තරගයේ දී එංගලන්තයට ලකුණු 62 ක පරාජයක්

Date:

එංගලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 62 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(20) අලුයම සමත් වුණා.

චෙස්ටර් ලී ස්ට්‍රීට් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ලකුණු 333 ක් ලබා ගත්තා.

රසී වැන් ඩර් ඩුසේන් පන්දු 117කින් ලකුණු 134ක් රැස් කළා. හතරේ පහර 10ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 77 (61) ක් හා ජනෙමන් මලාන් ලකුණු 57 (77) ක් වාර්තා කළා. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 24යි.

දකුණු අප්‍රිකා ඉනිමේ දී කිසිදු හයේ පහරක් වාර්තා නොවීම විශේෂත්වයක්. හයේ පහරක් එල්ල නොකර කණ්ඩායමක් ජාත්‍යන්තර එක්දින තරගයකදී වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි මෙම ඉනිම වාර්තා අතරට එක් වුණේ.

හයේ පහරක් එල්ල නොකර එක්දින තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ශ්‍රී ලංකාව 2020 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට දී ලබා ගත් ලකුණු 345 යි.

පන්දු යැවීමේ දී ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 30 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 46.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 271 ක් පමණයි.

ජෝ රූට් ලකුණු 86ක්, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 63ක් හා ජේසන් රෝයි ලකුණු 43 ක් රැස් කළා.

සිය අවසන් එක්දින තරගය ක්‍රීඩා කළ බෙන් ස්ටොක්ස් ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා ලකුණු 53 කට කඩුලු 4ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...